Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10260

designcrowd එක ගැන තව දුරටත්.

$
0
0


Freelance Design Jobs



ඩිසයින් ක්‍රවුඩ් ගැන දැනගන්න මේ සාකච්චාව මුල ඉඳල කියවන්න.
http://geek.lk/discussion/1975/designcrowd-එකේ-වැඩ-කර-මුදල්-අතට-ගැනීම-දක්වා-කුප්පිය/p1


ඔයා designcrowd එකේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාට ග්‍රැපික් ගැන දැනුමක් තියෙන්න ඔනෙ.
මුලින්ම අපි බලන්න ඕනේ අපිට මොනවද කරන්න පුළුවන් කියල. ලෝගෝ වගේ ඒවා හදනවනම් කොරල්, ඉලස්ට්‍රේටර්, ඉන් ඩිසයින් වගේ ඒවා හොදයි. බැනර් ඉමේජ් වගේ ඒවා හදන්න පොටෝ ෂොප් වගේ එකකින් පුළුවන්. තව කට්ටි ය දන්නා ඒවා මෙන්තන දාන්න. වැඩේ තියෙන්නේ ඔක්කොම් වචන වලින් ලියන්න අමාරු වීම. හැම තිස්සෙම් කියල තියන විදියට වැඩ කරන්න. හොද කොලිටි එකක් දෙන්න.

සාමාන්‍යයෙන් වෙක්ටර් ෆෝමැට් වලින් ඩිසයින් කරනකොට සයිස් එක වැදගත් වෙන්නේ නැහැ, උදා: කොරල්, ඉලස්ට්‍රේටර්, ඉන් ඩිසයින් වගේ
හැබැයි ෆොටෝ එඩිට් කරනකොට එහෙම නෙමේ එතකොට සයිස් එක රෙසලුෂන් එක වැදගත් වෙනවා.

මෙතනදී ග්‍රැෆික් කරන අය දැනගන්න ඕනේ සරල සාමාන්‍ය දැනීම හා ඩිසයින් ක්‍රවුඩ් එකේ මිනිමම් අවශ්‍යතාවයන් හා කස්ටමර්ගේ අවශ්‍යතාවයන් වැදගත් වෙනවා.

සරල සාමාන්‍ය දැනීම කිව්වේ ,
අපි වෙබ් පේජ් එකකට දාන බැනර් එකක් හදනවනම් එකේ resolution එක 72 dpi වෙන්න ඕනේ. කලර් RGB වෙන්න ඕනේ. බැනර් එක නියම පික්සෙල් ගානට තියන විදියට කැන්වස් එක තෝරාගන්න ඕනේ.

අපි ප්‍රින්ට් කරන, බ්රෝචර් එකක් බිස්නස් කාඩ් එකක් වගේ හදනවනම් අපේ ඩිසයින් එක ප්‍රින්ට් රෙදි වෙන්න ඕනේ. ඒ කියන්නේ නියම දිග පළල අඟල් හෝ මි.මි. වලින් තියෙන්න ඕනේ. රෙසලුෂන් එක 300 වෙන්න ඕනේ, කලර් මෝඩ් එක CMYK වෙන්න ඕනේ.

ඔන්න ඔය වගේ මූලික දැනුම අපට අවශ්‍ය වෙනවා.

අපිට අපේ ඩිසයින් එකේ ප්‍රිවිව් එකක් නෙ මුලින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ සඳහා දීල තියෙන්නේ png හරි jpg හරි ෆෝමැට් දෙක. කස්ටමර් සැටිස්ෆයි වෙන තරම් හොද කොලිටි ඉමේජ් එකක් එකස්පොට් කරලා අප්ලෝඩ් කරන්න ඕනේ, සෝස් ෆයිල් සිලෙක්ට් උනොත් දාන්න.

තව කට්ටිය දන්නා දේවල් හා දැනගන්න තියන දේවල් මෙතන දාමු.


Freelance Design Jobs

Viewing all articles
Browse latest Browse all 10260

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>